වයඹ පළාතේ කුලියපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය කොට්ඨාසයට අයත් මානෙලෙම්බුව එසේ සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය පිහිටා ඇත්තේ වැව දාගැබ පන්සල ආශ්‍රිතව පිහිටි සුන්දර වාඩි ලිම්බුවා ගම්මානයේය 1949 මාර්තු මස 12 වන දින ශ්‍රී සාරානන්ද හිමියන් විසින් ළමුන් පස් දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කළ මෙම විදුහල දැනට සිසුන් පන්සියයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසැලකි සෑම වසරකම ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ යන ජාතික විභාග තුනෙන්ම මව්බිමට විශිෂ්ටයන් බිහි කරන පාසැලකී ලංකාවේ පමණක් නොව විදේශීය වශයෙන්ද මහත් සේවයට පත් වූ බුද්ධිමතුන් පිරිසක් බිහි කළ බිහි කළ පාසලකි කලා කුසලතා හා ක්‍රීඩා කුසලතා වලින් හෙබුන් සිසු පරපුරක් දැයට දායාද කරන සුවිශේෂී පාසැලකී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නා පාසැලකී වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන එම් සිරිපාල මැතිතුමා පාසලේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටී
අභියෝග මැඩ යහ අරමුණු ජයග්‍රහණය කිරීම
ජාතික හා අධ්‍යාපනික අරමුණු ඉටුවන පරිදි පෞරුෂ ශක්තීන්ගෙන් සවිබල ගැන්වූ දෑහිතකාමී පුරවැසියෙකු බිහිකිරීම පිනිස කැපවී ක්‍රියා කිරීම අප මෙහෙවරයි.