කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

සිංහල හා හින්දු අව්රුදු උත්සවය

41.jpg
20240314_091149.jpg

ඉතාමත් සුන්දර ග්‍රාමීය ගැමි පරිසරයකට උරුමකම් කියන මානෙලෙම්බුව ගම්මානය 1949 වන විටත් පාසලක අත්‍යවශ්‍යතාවය දැනෙමින් තිබුණු යුගයක තිබූ ගම්මානයකි. මෙයට මහගු මෙහෙවරක් ඉටු කරනු ලැබුවේ එවකට මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද දහම් පාසලේවිහාරාධිපති වේපතේර සාරානන්ද හිමියන් විසිනි. එතුමන් විසින් මුඩු ඉඩමක්ව පැවති මෙම ස්ථානයේ පොල් අතු මඩුවක් තනා ගනිමින් ළමයින් පස් දෙනෙකුගෙන් යුත් පාසලක් ආරම්භ කරන ලදී. බොහෝ දුෂ්කරතා මැද ස්වාමීන් වහන්සේ විසින් මෙම පොල් අතු මඩුව පසු කාලයක් වන විට ගඩොලින් තනන ලද එක් ගොඩනැගිල්ලක් බවට පත්කරන ලදී.  ගැමියන්ගේ හා රජයේ නොයෙකුත් ආධාර මත පාසල වරින් වර ඉදිවන්නට වියඉන්පසු එක්දාස් 1980 පමණ වන විට පාසලේ ගොඩනැගිලි දෙකක් පමණ ඉදිකරන්නට හැකි විය . ඉන්පසු ශිෂ්‍ය සංඛ්‍යාවද කෙමෙන් කෙමින් වර්ධනය වන්නට විය පසුකාලීනව පාසලට පත්වීම් ලබමින් පැමිණි විදුහල්පතිවරුන් විසින් මෙම පාසල තවදුරටත් සංවර්ධනය කරන්නට විය. එහිදී දැනට විදුහල්පති ධූරය දරන එච්.එම්. සිරිපාල මහතා විසින් පාසලේ නිර්මාණාත්මක කාර්යය සඳහා විශාල වෙහෙසක් දරා ඇත.  එතුමන් විසින් ගැමියන් ඒකරාශී කර ගනිමින් තමා විසින්ම ගොඩනැගිලි කිහිපයක් නිර්මාණය කර ඇත. දැනට පවතින සංගීත හා නැටුම් ඒකක ගැමියන්ගේ හතින් හා එතුමන්ගේ අතින් නිර්මාණය වූ ගොඩනැගිලි වේ. ඉන් පසු රජයේ ආධාර මත විද්‍යාගාර ගොඩනැගිල්ල පුස්තකාල ගොඩනැගිල්ල පන්ති කාමර ගොඩනැගිල්ල යන ආදිය ඉදිවන්නට විය. නව තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ල  පාසලට පරිත්‍යාගයක් ලෙස ලැබුණි කෙසේ වෙතත් සුන්දර ගම්මානයක තිබෙන මෙම මානෙලෙම්බුව විදුහල දිනෙන් දින සියලු දෙනාගේ ආශිර්වාදය මැද දියුණු වෙමින් පවතී.